Welcome To Tech World
නව තාක්ෂණයට සිංහලෙන්.....
Thursday, June 19, 2014
Windows7 Hack
පියවර 01-
ඔබ පළමුව කල යුත්තේ Windows7 CD එක
සුපුරුදු විදිහට Boot කරන එකයි...
පියවර 02-
ඉදිරියට(next)
යන්න click කරන්න...
පියවර 03-
Repair යන්න තෝරා ගන්න...
පියවර 04-
Recovery window යාමට Next මත
click කර ඉදිරියට යන්න.
පියවර 05-
Command prompt යන්න තොරා ගන්න.
පියවර 06-
Command prompt තුලදී මේ Command එක
type කරන්න.
“C:windows\system32\seth.exe
c:” (මේක type කරද්දී
quotation marks නැතුව type
කරන්න)
පියවර 07-
මේ Command
එක En කරලා...ඊට පස්සේ “yes” කියල
Command කරන්න,file එක
Replace කිරීමට.aftr
"c:\windows\system32\cmd.exe
c:\windows\syetem32\Seth.exe" (without quotation marks)
පියවර 09-
දැන් Shift key එක
5 times press
කරන්න.
දැන් ඔයා ඉන්නේ username screen එකේ
sticky keys window එකේ... දැන් ඔයා “yes” යන්න
click කරන්න.
පියවර 10-
Monday, June 16, 2014
Card-Recovery-Pro-2.1.5.0
ඔයාලගේ Digital Camera,SD card වල තියෙන Picture,Video,MP3 මැකුනම(Delete),ෆොර්මැට්
උනාම නිකන් පිස්සු වගෙනි.ගොඩක් Recovery මෘදුකාංග
වලින් හරියට Recovery කරන්නත් බැනී...එත් මේ සොෆ්ට්වෙයා එක නම්
පට්ට....කිසි අවුලක් නැතුව වැඩේ කරගන්න පුළුවන්...මෙන්න ලින්ක් එක තියෙනවා
බාගන්නකො එහෙනම්.......
මේ මන් ගත්ත screen shot එකක්...මේ විදිහට තමයි සොෆ්ට්වෙයා එක තියෙන්නේ....
Android දුරකථන ROOT කරනව කියන්නේ මොකක්ද??
ඇන්ඩ්රොමයිඩ් දුරකතනය රෑට් කිරීම
මොකද්ද මේ රූට් කරනවා කියන්නේ ?අලුතෙන්
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ගන්න බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි " ෆෝන් එක
රූට් කරන්නද එපාද" කියන එක.ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ භාවිත
කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ කියන්නේ
අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල් කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන සීමා
මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ කියන්නේ අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය නිදහසේ
භාවිතා කරන්න පුලුවන්. රූට් කිරීමේ වාසිරූට් කිරීමේන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක භාවිත
කිරීමට තිබූ සීමා මායිම් නැතිව යනවානිල නොවන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ දාන්න පුලුවන්
(කස්ටම් රොම්). සමහර ෆෝන් වලට ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වල ඔෆීශියල් අප්ඩේට්
දෙන්නේ නෑ. එතකොට කස්ටම් රොම් එකක් මගින් අලුත් සංස්කරණයක් ස්ථාපිත කිරීමට
පුලුවන්. මේ සඳහා ෆෝන් එක රූට් කර තිබිය යුතුයිසමහර ෆෝන් වල ස්ක්‍රීන් ශොට් ගැනීමට
රූට් කර තිබිය යුතුයි.ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකට. රූට්
කිරීමෙන් මේ ඇප්ස් එස්.ඩී කාඩ් එකට ඉන්ස්ටෝල් කිරීමට පුලුවන්.ප්‍රොසෙසරය ඔවර්
ලොක්/ අන්ඩර් ලොක් කල හැකිය. මීට අමතරව තවත් මෙකී නොකී
ගොඩාක් වාසි තියනවාඅවාසිසමහර ෆෝන් රූට් කිරීමෙන් ඔෆීශියල් අප්ඩේට් කිරීමට නොහැකි
වෙනවා.රූට් කිරීමෙන් ෆෝන් එකේ ස්පීඩ් එක අඩුවීමට හැකියි.හරියට රූට් කිරීම කරේ
නැත්නම්, ෆෝන් එකේ අසාමාන්‍ය දේ විය හැකකෙසේ වුවද ඔබ දුරකථය . රූට්
කිරීමෙන් එහිනිෂ්පාදකයාගේ වගකීමසම්පූර්ණයෙන්ම ඔබට අහිමි වෙනවා මෙලෙස රෑට් කල
දුරකථනයක් ඔබ ඔබගේ වගකීම් කාලය තුල කිසියම් දෝෂයක්ඇතිවී මිලදීගත් ආයතනය වෙත ගෙන
ගියද ඔබට ඔවුගෙන් වගකීමක් ලබාගත නොහැකියි.
Wednesday, June 11, 2014
ඔන්න ෆෝල්ඩර් ලොක් නවතම සංස්කරණය (Folder Lock 7.2.2)
අපේ කොල්ලෝ,කෙල්ලොන්ට හංගන්න ගොඩක් දේවල් තියෙනවනි ඔන්න....දැන් තියෙන්නේ තමන්ට හංගන්න ඕනි ඔක්කොම දේවල් හංගන එකයි... ;-)
මෙන්න බාගන්නකො එහෙනම්....
https://www.dropbox.com/s/24g7ct9pnkzd88s/Folder%20Lock%207.2.2%20Final%20Incl%20Serial%20%28czRGsl%29.zip
මෙන්න බාගන්නකො එහෙනම්....
https://www.dropbox.com/s/24g7ct9pnkzd88s/Folder%20Lock%207.2.2%20Final%20Incl%20Serial%20%28czRGsl%29.zip
මෙන්න ඉන්ස්ටල් කරන විදිහ.....
Install Notes:
1] Install The App
2] Do Not Launch The App
3] Run Activator(*) As ADMINISTRATOR!!
2] Enter Serial
3] Enjoy This Release!!
Tuesday, June 10, 2014
ඇන්ඩ්‍රොයිඩ් ඉතිහාසය
අපි අද ඔයාලට ගෙනාවේ ඇන්ඩ්‍රොයිඩ් ඉතිහාසය පිළිබද වාර්තාවක්....ඔන්න කියවලම දැනගන්නකො.....
ඇන්ඩි රූබින්,රිච් මයිනර්, ක්‍රිස් වයිට් එක්ක නික් සියර්ස් හතර දෙනා එකතු වෙලා 2001 දී තමයි මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදන්න පටන් ගත්තෙ,,මෙයාලට ඔනෙ උනේ ඕස් එක භාවිතා කරන කෙනාට හැම පහසුකමක්ම දෙන mobile OS එකක් නිර්මාණය කරන්න. ඉතින් මේ හතර දෙනා 2003 දී ANDROID INCORPORATION කියන සමාගම පිහිටුවා ගත්තෙ මම කලින් කියපු එයාලගෙ බලාපොරොත්තුව කොහොමහරි ඉටුකරගන්න ඔනෙ නිසා. හැබැයි ඉතින් එයාලට වැඩිකල් මේ වැඩේ කරගෙන යන්න බැරි උනේ එයාලට කිසිම ආදායමක් මේ සමාගමෙන් ලබුනේ නැති නිසා. පසුව ගූගල් සමාගම ඩොලර් මිලියන 50ක් දීල 2005 දි ඇන්ඩ්‍රොයිඩ් සමාගම සල්ලි වලට ගත්ත අන්න එතන ඉදල තමයි ඇන්ඩ්‍රොයිඩ් සැබෑවටම හැදෙන්න ගත්තේ මේක හදන්න මූලික වෙලා කටයුතු කලෙත් මෙහි නිර්මාතෘවරැ හතරදෙනාම තමයි දැන් ඔවුන් ගූගල් සමාගමේ මුල් පුටු වල ඉන්නවා. ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලිනක්ස් කර්නල් එක මූලික කරගෙන හදපු එකක් ඒ කියන්නෙ Linux OS එකක් XML,C,JAVA,C++ කියන ක්‍රමලෙඛ භාෂා වලින් තමයි ඇන්ඩ්‍රොයි හැඩ කරලා තියෙන්නෙ. දැනට ලෝකෙ තියන ජනප්‍රියම මොබයිල් ඕඑස් එක ඇන්ඩ්‍රොයිඩ් වෙන්න බලපාපු ලොකුම කාරනය තමයි ඇන්ඩ්‍රොයි කියන්නෙ ඕපන්සෝස් ඕඑස් එකක් ඒ කියන්නෙ අපිට ඕනෙ විදිහට මේ ඕඑස් එක වෙනස් කරලා හදා ගන්න පුලුවන්,,ඕනේ විදිහට කිව්වට මේක කරන්න ඕනෙ Open Handset Alliance කියන ආයතනයේ ඒ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ්ගෙ භාර කාරයා නිකුත් කරල තියන නීති වලට යටත්ව තමයි මේවා කරන්න ඕනෙ. 2007 දී තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය හදල ඉවර වෙන්නෙ. ඉතින් මේක ඉවර වෙලා ගූගල් සමාගමේ මූලිකත්වයෙන් Open Handset Alliance කියන සමාගම පිහිටුවා ගන්නෙ ලෝකෙ ප්‍රසිද්ද මොබයිල් සමාගම් එක්ක එකතු වෙලා. මේ ආයතනයෙන් තමයි ඇන්ඩ්‍රොයි ඕස් එකේ ඉදිරි ගමන තීරනය කරන්නෙ. ඇන්ඩ්‍රොයිඩ්ට ගැලපෙන උපාන්ග හදන්නෙත් මොබයිල් උපාන්ග වලට ගලපෙන විදිහට ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්නෙත් මේ සමාගමේ මූලිකත්වයෙන් තමයි. 2008 සැප්තැම්බර් 20 ඇන්ඩ්‍රොයිඩ් ඕස් එකේ සම්පූර්ණ කේත සටහන ගූගල් සමාගම ප්‍රසිද්ධ කරේ ඇන්ඩ්‍රොයි ඕස් එකට ගැලපෙන ඇප්ස් හදන්න අවශ්ය කරන හැමදේමත් එක්ක.මෙන්න මෙහෙම නිර්මාණය කරන ඇප්ස් හුවමාරු කරගන්න තැනක් ඒ කියන්නෙ Android Market (දැන් Google Play) එක ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් දෙන්නත් කලින් ඒ කියන්නෙ 2008 අගෝස්තු වලම හදලයි තිබුනෙ.
Android සංස්කරණ
ඇන්ඩ්රො,යිඩ් වල පලමු සංස්කරණය තමයි Android 1.0 ඒක 2008 සැප්තම්බර් 23 වෙනිදා නිකුත් උනා., ඇන්ඩ්රොසයිඩ් වලින් ඉසෙල්ලම පණ ලබන්නෙ HTC DREAM කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් එතන ඉදල අද වෙනකොට ඇන්ඩ්රොඩයිඩ් සංස්කරන 4ක් නිකුත් කරලා තියනව. මේ හැම සංස්කරණයකට නම දාල තියෙන්නේ අතුරු පසක නමින්. ඒ වගේම මේ නම් ඉංග්රිෙසි හෝඩියේ ආකරාදි පිලිවෙලට තමයි දීල තියෙන්නේ. (C-Cupcake, D-Donut, E-Eclair . . . ආදි වශයෙන්)ඒ තමයි අපි කව්රුත් දන්න,Android 1.0Android 1.5 (CUPCAKE)Android 1.6 (DONUT)Android 2.0 (ECLAIR)Android 2.2 (FROYO)Android 2.3 (GINGERBREAD)Android 3.0 (HONEYCOMB)Android 4.0 (ICE CREAM SANDWICH)Android 4.1 /4.2 (Jelly BEAN) KITKAT 4.4 කියන සංස්කරණ. දැනට ලෝකෙ තියන ටැබ්ලට් පරිගණක වලින් 17%ක විතර දුවන්නෙ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය තමයි,හැබැයි ඉතින් ස්මාර්ට් ෆෝන් ගත්තම 43% කම දුවන්නෙ ඇන්ඩ්‍රොයිඩ්, අන්න ඒ නිසා තමයි ඕනෙම කෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් කියපු ගමන් දන්නෙ මොකද දැනට මොබයිල් ඕඑස් ගොඩක් තිබුනත් දන්න කියන හැම කෙනා ලගම වගේ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් එකක් හින්දා. ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල තියන පහසුකම් වලටත් වඩා මොබයිල් ෆෝන් සමාගම් වලට ඇන්ඩ්‍රොයිඩ් ලැබෙන්නෙ නොමිලේම හින්දා කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් ගූගල් එකෙන් කොහොමද මෙච්චර පහසුකම් තියන ඕඑස් එකන් නිකම්ම දෙන්නෙ. ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්න මුදල් දෙන්නෙත් අපිම තමයි මොකද ගූගල් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් දියුණු කරන්නෙ play එකේ ඇප්ස් විකුනලා ලැබෙන ආදායමෙන්.ඉතින් හිතල බලන්නකො අව්රුදු 6 කට කලින් ඩොලර් මිලියන 50ක් දීල ගත්ත සමාගමෙන් මේ වෙනකොට ගූගල් සමාගම ඩොලර් බිලියන කීයක් හොයල ඇද්ද කියල....
Photoshop Tools බාවිතා කරන අයුරු..
මම අද ඔයාලට ගෙනාවේ Photoshop
Tools භාවිතා වෙන විදිහයි....ඔන්න බලන්නකෝ එහෙනම්...
1) Rectangular Marquee Tool (M)
මෙම ටූල් එක භාවිතා වෙන්නේ image එකක කොටසක්
සෘජුකෝණාස්‍රාකාර හැඩයට සිලෙක්ට් කිරීම සඳහාය. මෙයින් සිලෙක්ට් කිරීමෙන් පසු සිදු
වෙන සියලු වෙනස්කම් සිදුවෙන්නේ සිලෙක්ට් කරපු කොටසේ පමණි.
2) Move Tool (V)
මේ ටූල් එක භාවිත වෙන්නේ කැන්වසය (Photoshop තුල වැඩ කරන කොටස)
තුල ඇති ඕනෑම වස්තුවක් එහාට මෙහාට කිරීමටය. මෙයින් Move කරන විට තනි
කෙලින්ම හරහට හෝ කෙලින් අතට වස්තුව Move කිරීම සඳහා Shift බොත්තම තද කරගෙන Move
කරන්න.
3) Lasso Tool (L)
මේ ටූල් එක භාවිතා වෙන්නේ image එකක සංකීර්ණ කොටසක්
වඩාත් පහසුවෙන් සිලෙක්ට් කිරීමටයි. මෙහි ටූල්ස් තුනක් තිබෙනවා. ඒවා Lasso Tool, Polygonal Lasso Tool හා Magnetic Lasso Tool යන ඒවාය. Lasso Tool එකෙන් අපිට පෑනකින් අඳිනවා මෙන් අපිට
අවශ්‍ය කොටස් වටා මවුස් එකේ වම් පස තද කරගෙන යෑමෙන් එම කොටස සිලෙක්ට් වෙයි. Polygonal Lasso Tool එකෙන් අපට තවත් විදිහකට සිලෙක්ට් කිරීමට පුලුවනි. එයින් බොහෝවිට
සිලෙක්ට් කෙරෙන්නේ රවුම් නොවන ප්‍රදේශ පමණි. මේ සඳහා අවශ්‍ය කොටස වටා විවිධ තැන් (Points) ක්ලික් කර අවසානෙට මුලින් ම ක්ලික් කරපු තැනම නැවත ක්ලික් කිරීමෙන්
Selection එක සාදා ගැනීමට පුළුවන. Magnetic Lasso Tool එක දැනට බොහෝ දෙනා සිලෙක්ට් කිරීමට භාවිතා වෙන ටූල් එකයි. එයින්
වඩාත් පහසුවෙන් සිලෙක්ට් කිරීමට හැකිය. එහි කිරීමට ඇත්තේ අවශ්‍ය කොටස වටා එක තැනක්
පමණක් ක්ලික් කර Mouse Pointer එක රැගෙන යාම පමණි. ඔබට අවශ්‍ය නම්
ක්ලික් කර කර යන්නටද පුලුවන්. අවසානෙට අර කලින් ටූල් එකේ කරා වගේ මුලින්ම ක්ලික්
කරපු පොයින්ට් එක ක්ලික් කරන්න.
4) Magic Wand Tool (W)
මෙයත් තව සිලෙක්ට් කර ටූල් එකකි. මෙයින් සිලෙක්ට් වෙන්නේ පාට
අනුවය. එකම පාටින් ඇති කොටස් පහසුවෙන් සිලෙක්ට් කිරීමට හැකිය.
5) Crop tool (C)
මෙය Rectangular Marquee
Tool එකට බොහෝ දුරින් සමානය. එකම වෙනස
ඇත්තේ මෙයින් සිලෙක්ට් කරගන්නා කොටස Enter බොත්තම එබීමෙන්
පසුව crop වීමය. සිලෙක්ට් නොවුන කොටස Delete වෙයි. නමුත් මෙය Undo
කර හැක.
6) Slice Tool (K)
මෙය බොහෝ විට භාවිතා වෙන්නේ වෙබ් අඩවි හදන විට හෝ ඉමේජ් එකක් පොඩි
පොඩි කොටස් වලට save කරන විට වෙන් කිරීම සඳහාය.
7) Healing Brush Tool (J)
මෙය බොහෝ ප්‍රයෝජනවත් වන Tool එකකි. මෙයින් image එකක ඇති හිස්තැන්,
කඩතොලු සහ එවැනි කොටස් හරි ගැස්වීමට
පුළුවනි. මෙය පහත ඇති Brush Tool එක මෙන් වැඩ කරයි. මුලින්ම Cursor Size එක සිලෙක්ට් කර ඉන්පසු ඉමේජයෙහි ඇති කඩතොලු නොවූ ප්‍රදේශයේ කොටසක් Alt බොත්තම ඔබාගෙන සිලෙක්ට් කර ඉන්පසු Alt බොත්තම අතහැර
කඩතොලු වූ ප්‍රදේශය එයින් පාට කරන්න. අවසානයේදී එය සොයාගත නොහැකි ආකාරයට සෑදේ.
8) Brush Tool (B)
මෙයින් අපට image
එකකින් උඩින් විවිධ හැඩ වලින් (මෙය
තීරණය වෙන්නේ ඔබ install කර ඇති Brush මතය) විවිධ පාට භාවිතා කරමින් ඇඳිමට හැකිය. මෙහි size එකද ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගත හැක.
9) Clone Stamp Tool (S)
මෙය බොහෝ දුරට Healing
Brush Tool එකට සමානය. එකම වෙනස ඇත්තේ මෙයින්
වෙන්නේ අපි select කරගන්නා කොටස එම ආකාරයටම copy වෙන එක පමණි. මෙහි Healing Brush Tool එකේ වගේ අවසානයට සුදුසු ආකාරයට සැකසෙන්නේ නැත.
10) History Brush Tool (H)
මෙය Brush Tool එක මෙන් වැඩ කරයි. නමුත් මෙයින්
වෙන්නේ අප අඳින කොටස පමණක් image
එකේ මුල් අවස්ථාවේ තිබූ ආකාරය වෙනු
ඇත. එම ආකාරය අපට History Palette එකෙන් වෙනස් කරගත හැක.
11) Eraser Tool (E)
මෙයින් ඔබට අවශ්‍ය කොටස් මකා ගැනීමට පුළුවනි. Layer දෙකක් තිබෙන විටදී මෙයින් මැකූ විට උඩින් ඇති Layer එකේ ඇති ප්‍රදේශය මැකී Background Layer එක පෙනෙනු ඇත.
12) Gradient Tool (G)
මෙයින් ඔබට කැන්වසය මත පාට දෙකක් හෝ ඕනෑම ප්‍රමාණයක් යොදා ගෙන
සංකලනයක් (gradient) එකක් සාදා ගත හැක.
13) Blur Tool (R)
මෙයින් ඔබට ඉමේජයේ ඇති කොටස් අපැහිදිලි (blur) කිරීමට පුළුවන්.
14) Dodge Tool (O)
මෙයින් ඉමේජයක කොටස් ආලෝකමත් (light) කර හැකිය. නමුත්
තනි කළු පසුබිමක් මෙසේ කල නොහැක.
15) Path Selection Tool (A)
මෙය භාවිතා වෙන්නේ paths සමග ඇඩ කරන විටය.
මෙය පහල ඇති Pen Tool එකට සම්බන්ධය.
16) Horizontal Type Tool (T)
මෙයින් අපට ඉමේජයක් මත text එකක ටයිප් කිරීමට
පුලුවනි. මෙය ඇදගෙන් පෙට්ටියක් ඇඳිමෙන් හෝ එක තැනක් ක්ලික් කිරීමෙන් ටයිප් කිරීමට
පුළුවන්.
17) Pen Tool (P)
මෙය භාවිතා වෙන්නේ Path ඇඳීමටය. Path Selection Tool එක භාවිතා වෙන්නේ මෙයින් අඳින Path සිලෙක්ට් කිරීම
සඳහාය. මෙයින් අපට clipping paths හෝ selctions සෑදීමට යොදා ගත
හැකිය. මෙහි පොයින්ට් එකක් සෑදීමට එකතැනක් ක්ලික් කරන්න නැතිනම් ක්ලික් කර ඇදගෙන
යෑමෙන් Path එකේ හැඩය වෙනස් වෙනු ඇත.
18) Rectangle Tool (U)
මෙයින් අපට සෘජුකෝණාස්‍රාකාරයක් ඇඳ ගත හැක. මෙය ඔබ යොදා ඇති Foreground Colour එකෙන් පිරෙනු ඇත.
19) Notes Tool (N)
මෙය භාවිත වෙන්නේ ඔබේ Photoshop file එකට කුඩා Note එකක් දැමීම සඳහාය. මෙය යොදා ගත හැක්කේ .PSD ෆයිල් වල පමණි.
20) Eyedropper Tool (I)
මෙයින් ඔබේ Foreground
පාට ඔබ ක්ලික් කරන තැන ඇති පාටට වෙනස්
වේ. Alt බොත්තම ඔබාගෙන ක්ලික් කිරීමෙන් Background පාට වෙනස් කල හැක.
21) Hand Tool (T)
මෙයින් මුළු window
එකම move කිරීමට හැකිය. Zoom කල විටදී ඉමේජය එහා මෙහා කිරීමේදී මෙය ප්‍රයෝජනවත් වේ.
22) Zoom Tool (Z)
මෙයින් ඔබට ඉමේජය ලං කර බැලීමට පුළුවන. Alt බොත්තම ඔබාගෙන ක්ලික් කිරීමෙන් Zoom Out කර හැක.
23) Colour Boxes
මෙහි Foreground පාට වන්නේ උඩින් ඇති පාටය. Background පාට වන්නේ යටින්
ඇති පාටය. මෙහි ඇති එක පාටක් ක්ලික් කිරීමෙන් එම පාට උඩට හෝ පහලට ගැනීමට හැකිය...
Photoshop වල වැඩ කිරීමේදී ගැටළුවක් ඇත්නම් arunapradeepn@gmail.com වෙත ඉ-මෙයිල්(e-mail) කිරීම මගින් එම ගැටලුවට පිළිතුරු සැපයිය හැක.
Windows මෙහයුම් පද්ධතිය වේගවත් කර ගැනීම.
Computer එක slow උනාම වෙලාවකට පිස්සු වගේ.ඒ නිසාමයි මන අද මේක හොයාගෙන අවේ...
මම අද මේ
ඔයාලට ලබාදෙන්න යන්නේ මට YouTube හරහා හම්බ උන Video එකක්. මේකේ තියන්නේ Windows මෙහයුම් පද්ධතිය වේගවත් කරගන්නේ කොහමද කියලා. මෙය විනාඩි 2කක පමණ කුඩා Video Clip එකක් නිසා විශාල වශයෙන් තොරතුරු මෙහි නැති අතර මෙහි ඇත්තේ Windows වේගවත් ලෙස load කරගන්නේ කොහමද කියලා.ඔබගේ පරිගණකයට විවිද වර්ගයේ Software දමන කොට ඔබගේ පරිගණකය slow වෙනවා ඔබට දැනිලා ඇති. එක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබගේ Windows මෙහයුම් පද්ධතිය load වෙනවාත් සමගම එම Software
ත් start වෙන එක තමයි Windows මෙහයුම් පද්ධතිය load වීමට වැඩි වෙලාවක් ගත වීමට බලපාන එක හේතුවක් වෙන්නේ. මේ Video එකෙන් Startup programs manage කරගන්නා විදිය (msconfig
විදානය මගින්) සිංහලෙන්
ඔබට කියලා දීල තියන නිසා පහසුවෙන්ම එය ඔබට තේරුම් ගන්න පුළුවන්.
ඔන්‍න එහෙනම් try කරලම බලන්නකෝ...මෙන්න ලින්ක් එක,,,
Subscribe to:
Comments (Atom)









